Wednesday, May 2, 2018

වස්සාන හීනයයි......













වස්සාන හීනයයි
ඉදින් අවසන්  උනේ
හිත්වාන බිඳ දමා
ඔබයි පිටමං උනේ...

මේ තරම් රිඳවන්න
ඇයිද ඔබ ලංවුනේ
කියනවද ඉන්න හැටි
හිත හදන් ඔය වගේ ...



Thursday, December 7, 2017

ඇයි මෙහෙම සරදම් .......















දිනක සඳ අමාවක
තනිව හුදකලාවක
බදා ඝන කළුවර
බිදුණු පෙම ගැන සිත
හැඬූ හැටි සිහිකර
හිනා වුනි හදවත
අදත් පෙර වාගෙම ...

අපෙ පෙම අවසන
ගතවෙලා දෙවසර
ඔබේ අත හිමි ඇය
මගේ සිත නැඟි පෙම
නාඳුනන එක ගැන
පුදුම නැහැ හිතවත ...

නමුත් පෙම් කල බව
දිවුරමින් කියු ඔබ
හමුවෙද්දි මඟ තොට
ඇයට තව තුරුළුව
නාඳුනන ලෙස යන
විටයි දුක මා ගැන ...

Wednesday, December 6, 2017

මතකයත් දුකක් වන තරම් හිත රිඳුණා ..


















කුමක්දෝ නොකියපු
කතාවක් තිබුණා
තවත් හිත කකියන
හිනාවක් නැඟුනා
මටත් නුඹ හිමිවෙයි
හීනයක් තිබුණා
මගේ ඇස් බලාගෙන
නුඹ ඉවත බැලුවා
අපි එතැයි බලා සිටි
හිරු අවරේ ගිලුනා
බලා අපි සිනා සුන
සයුරු රළ සිඳුණා
මගේ ඇස් විතරක්ම
කඳුළකින් තෙමුනා.....

Tuesday, November 14, 2017

නාඳුනන ...






හිතට දුර හුඟක් තැන්
ලඟ වගේ විඳිනවා
නෙතට බර කඳුළු කැට
මගෙ නොවෙයි හැඟෙනවා
මතකයට අමතකව
යන දිනක් පතනවා
නාඳුනන සුසුමකට
තමව පෙම් බඳිනවා ..

Wednesday, October 25, 2017

දැන දැන ....

පිපුණු මල පරවෙන
බව හොඳින් දැන දැන
සමනල්ලු ආදරේ
පතනවලු මල්වල...

පරවෙද්දි ඉගිලෙන
බව හොඳින් දැන දැන
මල් උනත් ආදරේ
කරයි සමනල් වෙත...

විටින් විට....

විදුලි සැර එළි
විහිද විහිදා 
විටින් විට එයි
කළු කරන් ..

පොද එකින් එක
වැටී නොනැවතී
මහා වැස්සක්
වෙයි සැනින්...

වහින වැස්සේ
ගොරව ගොරවා
නිමාවක් නැහැ
දින ගණන් ....

Monday, October 24, 2016

නුඹ මලක්.....



නුඹ මලක් සිත් බැඳි
මාවතේ කෙලවර පිපී
සුවඳ රොන්සුනු පිරී
ප්‍රේමයේ පැහැයෙන් දිලී ...

සුළඟ හා නුඹ බැඳී
මට විහිළු කල හැටී
සිප වැළඳ දුහුවිලි
රුව ගුණය විසිරුණි...

හිර කරපු සිතුවිලි
නඟන විට මැසිවිලි
අපේ පෙම වියැකුනි
මා මටම පැරදුණි ...

ඉතින් දැන් නොනැවති
යන්න නුඹ හිතවතී
මගෙ හිතින් මියැදුනි
නුඹ, සුවඳ නැහැ යළි ....

by : iRaMaLa - මුතූ