Tuesday, July 17, 2018

නුඹට මට උරුම නැති සෙනෙහසක් තිබුණා ...











 නොකීවත් වචනයෙන් ඉකිබිඳුම් ඇසුනා
තවත් දුර යන්න බෑ වෙන්වෙමුයි කීවා
බිම බැලූ දෑස් මත කඳුලු බිඳු තිබුනා
අනේ ඒ ඇස් වලත් ආදරේ තිබුණා .....

Sunday, July 15, 2018

සඳ උනත් වැලපේවී ....















අඳුර ඉකිබිඳින
දිනක සඳ හිනාවෙන
අයුරු දැක දුක් සුසුම්
හෙලනු කුමකටද පොළව ....

සඳට තේරෙයි දිනක
ප්‍රේමයේ විරහ දුක
නෙළුම් මල් හිනාවෙන
වැවු දියට වැටුනාම....

සිඳුණු පසු දිය දිනක
හසුව රුදු නියඟයට
සඳ උනත් වැලපේවී
ඉරි තැලුනු පොළව දැක ....

Sunday, July 8, 2018

අයදිමි .....


















සඳට තරු මුණ ගැහෙන අවසාන රාත්‍රිය
නොවෙයි මේ හිතවතී පිසගන්න නේත්‍රය
හිතට හීලෑ නැතිද මතක බිඳු මාත්‍රය
නොදැනෙනා ලෙස කරමි හිතේ තෙත මාත්තුව ...

හිත පෙලන වෙලාවක දැනෙන මේ තෝන්තුව
විනිවිදියි හද ගැඹුර තනිවු විට දෑස් මත
නිමා කරලනු සොඳුර දැනෙන මේ කාන්සිය
අයදිමි නුඹෙන් එක වචනයක සාත්තුව ...

Friday, July 6, 2018

පෙම් කතා කෙටියෙන් ....




















නුඹට දුක දැනෙනවා
ඇති මටත් වැඩියෙන්
අපට අප නැති උනත්
හෙටත් මේ හැටියෙන්
මතක් කර සතුටු වෙමු
පෙම් කතා කෙටියෙන් ....

රිදෙන විට නොරිද්දන
නුඹට හිත වැඩියෙන්
ලංවෙන්න හේතු තව
ඕනේද සැකෙවින්
නුඹෙන් ලද සෙනෙහසට
ණයගැති මතු මං  ...

මුණ ගැසී දොඩමලුව
හෙටත් අපි මෙලෙසින්
නුඹේ ඇස් තෙත් උනොත්
මා නිසා කඳුළින්
වාවගනු බැහැ සොඳුර
නුඹට ලැදි හිත පෙම් ....