Monday, December 3, 2012

නුඹ මගෙ හිත ගාව

















අඳුරට තනිය නැති කළ 
නිල් සඳ පාන  
වාගෙයි නුඹේ සිනහව  
මගෙ නෙත ගාව ...

කළුවර නසන්නට 
නැඟ එන ඉරපාන 
වාගෙයි නුඹේ සෙනෙහස 
මගෙ හිත ගාව ...

ඉර හඳ දෙකම 
එක අහසක එක පාර 
පෑයූ වැනියි 
තනිවූ විට නුඹ ගාව  ...