Sunday, July 15, 2018

සඳ උනත් වැලපේවී ....















අඳුර ඉකිබිඳින
දිනක සඳ හිනාවෙන
අයුරු දැක දුක් සුසුම්
හෙලනු කුමකටද පොළව ....

සඳට තේරෙයි දිනක
ප්‍රේමයේ විරහ දුක
නෙළුම් මල් හිනාවෙන
වැවු දියට වැටුනාම....

සිඳුණු පසු දිය දිනක
හසුව රුදු නියඟයට
සඳ උනත් වැලපේවී
ඉරි තැලුනු පොළව දැක ....

No comments:

Post a Comment