Thursday, December 7, 2017

ඇයි මෙහෙම සරදම් .......















දිනක සඳ අමාවක
තනිව හුදකලාවක
බදා ඝන කළුවර
බිදුණු පෙම ගැන සිත
හැඬූ හැටි සිහිකර
හිනා වුනි හදවත
අදත් පෙර වාගෙම ...

අපෙ පෙම අවසන
ගතවෙලා දෙවසර
ඔබේ අත හිමි ඇය
මගේ සිත නැඟි පෙම
නාඳුනන එක ගැන
පුදුම නැහැ හිතවත ...

නමුත් පෙම් කල බව
දිවුරමින් කියු ඔබ
හමුවෙද්දි මඟ තොට
ඇයට තව තුරුළුව
නාඳුනන ලෙස යන
විටයි දුක මා ගැන ...

Wednesday, December 6, 2017

මතකයත් දුකක් වන තරම් හිත රිඳුණා ..


















කුමක්දෝ නොකියපු
කතාවක් තිබුණා
තවත් හිත කකියන
හිනාවක් නැඟුනා
මටත් නුඹ හිමිවෙයි
හීනයක් තිබුණා
මගේ ඇස් බලාගෙන
නුඹ ඉවත බැලුවා
අපි එතැයි බලා සිටි
හිරු අවරේ ගිලුනා
බලා අපි සිනා සුන
සයුරු රළ සිඳුණා
මගේ ඇස් විතරක්ම
කඳුළකින් තෙමුනා.....