Thursday, June 28, 2012

මට පුදුම හිතුනා ....



නීලවන් කෙස් රොදකි
නුඹේ මුව සිඹිනා
රෝස පැහැ තොල් අතර
නිතර සැරිසරනා ..

ටිකෙන් ටික නීල පැහැ
සැඟවෙලා තිබුනා
සුළඟ හා හාද වී
ගියාදෝ සිතුනා ..

පුංචි මුව විඩාබර
පාලුවෙන් එතිලා
එදා දඟකාරකම
නැතිවෙලා තිබුනා ..

දකින්නට ආ දිනේ
මට පුදුම හිතුනා
යසට තිබු නිල් වරල
බූ ගාල තිබුනා ..

නුඹ දකින සඳ
හිතට මහ දුකක් දැනුනා
ඒ තරම් නුඹ නගේ
වෙනස් වී තිබුනා ...