Friday, May 18, 2018

එන්න ඒ ගංතෙරට..











වලාකුළු ඉරාගෙන
සඳ  ඇවිත් හිනාවෙන
දිනක හිත හදාගෙන
එන්න ඒ ගංතෙරට..

අපි එදා මුණගැහුනු
පෙමින් හදවත් බැඳුණු
අතීතය ගිල්වන්න
එන්න ඒ ගංතෙරට..

ගලා යන මේ කඳුළු
ගඟ දියට බර නැතිලු
හිතේ දුක පාකරමු
එන්න ඒ ගංතෙරට...

මතකයන් පමණක්ම
අපි අපේ කරගනිමු
ඉදින් අප සමුගනිමු
එන්න ඒ ගංතෙරට ...

Wednesday, May 2, 2018

පිපුණු මල් ...

පිපුණු මල පරවෙන
බව හොඳින් දැන දැන
සමනල්ලු ආදරේ
පතනවලු මල්වල...

පරවෙද්දි ඉගිලෙන
බව හොඳින් දැන දැන
මල් උනත් ආදරේ
කරයි සමනල් වෙත...

වස්සාන හීනයයි......













වස්සාන හීනයයි
ඉදින් අවසන්  උනේ
හිත්වාන බිඳ දමා
ඔබයි පිටමං උනේ...

මේ තරම් රිඳවන්න
ඇයිද ඔබ ලංවුනේ
කියනවද ඉන්න හැටි
හිත හදන් ඔය වගේ ...