Tuesday, December 9, 2014

නිධන්ගත කල මතක ....

කඳුලු වියැලුනු ගිම්හානයේ
නිධන්ගත කල මතක අරගෙන
ඇවිත් නුඹ ඉඳහිටලා දවසක
තවත් හොල්මන් කරයි සිත ලඟ...

කඳුලකට සිනහවකට ඉඩ නැති
හිතපුරා ඇවිදලා හොඳහැටි
අමතකව යන පුංචි සිතුවිලි
ගෙන කොනිත්තා රිඳුම් දෙනු ඇති...