Monday, August 22, 2011

හුදෙකලාව ..

















පුර හඳක් පාළුවෙන්
තරු නැතිව ආකහේ
සුදු සේල් තිර ඉරා
බලා හිඳ තුන්යමේ
නිහඬවම බැස ගියා
කවි ලියා විල් තෙරේ ..

Monday, July 4, 2011

කඳුළු පෙණ ........














සුළං දිය රැල් බදා
ගෙනත් ගොඩ බිම කරා
ගල් බැම්මේ අත අරියි
කඳුළු පෙණ විසුරුවා ..

නුඹත් ඒ සුළඟමයි
මතක දිය රැල් ගෙනැත්
හද ඉවුරෙ හප්පවා
දෙනෙත් කඳුලින් තෙමයි ..

Sunday, July 3, 2011

එනතුරා........

























එකම එක දවසකට
නුඹ ඇවිත් යනවාද
පෙර දවස හමුවූ
ඒ ඇහැළ ගහ යටට ...

කහ පාට මල් පොකුරු
පෙති සුළඟේ සල සලා
තවත් ඇති මඟ බලන්
අපි යළිත් එනතුරා ...

Friday, July 1, 2011

චන්ද කින්නරි ...




















ඉන්ද්‍රඛීලය වගෙයි නුඹෙ පෙම
නොසැලෙනා මගෙ හදවතේ
අසෙනි වැසි සැඩ සුළං ආවත්
ලංව ඉමු අපි මේ ලෙසේ..
නුඹ නමින් පාරමී පුරනා
චන්ද කින්නරි මා නුඹේ
සසර මතුදා එක්ව එන්නෙමි
නිවී සැනසෙන තුරු ලොවේ ..

Thursday, June 9, 2011

පෙම් කවි...



හඳට පෙම් කවි ලියන කිවිඳුන්
නොදැන සිටියා හඳ ගිලන් බව ..

දිනෙන් දින කෘශ වුයෙන් සඳවත
කවියෝ සෙවුවා ඒ කරුණ කිම
පමා වැඩිවුනි ඔවුන් සේරම
මියදුනා සඳ දිනේ අටවක ..

දැනුත් ඉඳ හිට දිලෙන කොට සඳ
කවියෝ කීවා අලුත් සඳ බව
නමුත් හෙවුවම ඇත්ත විස්තර
තමයි ඒ අර සඳේ හොල්මන ...

පින්න කැකුළ












පින්න කැකුළක් පිපී ලන්දේ
සුවඳ කෙරුවා මුළු වසන්තේ
ලිහී එක දෙක පෙති නිදැල්ලේ
පාවුනා මුදු සුළං රැල්ලේ
මලට පණ දුන් නටු කිනිත්තේ
කඳුළු පිරුනා ඒ ඇසිල්ලේ ...

Wednesday, May 25, 2011

කොයිබින්ද මේ තනුව .....


















දඟකාර සුළං රැල්
ඔහේ ඇදෙමින් නොයා
රැහැයි දුක් ගී හඬට
සවන් දී උන්නා
කොයිබින්ද මේ තනුව
නුඹලාට ලැබුනේ
ඒක හරි මූසලයි
හෙමින් මිමිණූවා ..
මෙය ඇසුනු රැහෙයියෙක්
කිට්ටු කර ඔහු ලඟට,
සඳවතිය සනසන්න
පෙරදාක ඔබම ගැයු
මේ තනුව ඒ තරම්
අමිහිරිද ඇහුවා ...