Thursday, June 18, 2015

අපේ ලෝකය....










උදේ යනවා හවස එනවා මාසෙ අග පඩි ලැබෙනවා,
දෙමාපිය නෑ හිතවතුන්ගෙන් ටිකෙන් ටික අපි මිදෙනවා,
තනාගන්නට අපේ ලෝකය වෙනම ලෝකෙක වෙසෙනවා,
ජීවිතේ ජීවත් වුනේ කොහේදිද තව හිතනවා ...

ජීවිතේ ගෙවීගිය දවස් එකිනෙක ගෙන බලා,
කල්පනාවේ යෙදී උන්නෙමි මමත් දැන් වයසයි කියා,
ඉහේ කෙස් දැන් එකින් එක ඇත සමහරක් විට සුදු වෙලා
ජීවිතේ ජීවත් වුනේ කොහේදිද තව හිතනවා ....

No comments:

Post a Comment