Thursday, December 7, 2017

ඇයි මෙහෙම සරදම් .......















දිනක සඳ අමාවක
තනිව හුදකලාවක
බදා ඝන කළුවර
බිදුණු පෙම ගැන සිත
හැඬූ හැටි සිහිකර
හිනා වුනි හදවත
අදත් පෙර වාගෙම ...

අපෙ පෙම අවසන
ගතවෙලා දෙවසර
ඔබේ අත හිමි ඇය
මගේ සිත නැඟි පෙම
නාඳුනන එක ගැන
පුදුම නැහැ හිතවත ...

නමුත් පෙම් කල බව
දිවුරමින් කියු ඔබ
හමුවෙද්දි මඟ තොට
ඇයට තව තුරුළුව
නාඳුනන ලෙස යන
විටයි දුක මා ගැන ...

4 comments: