Monday, December 3, 2012

නුඹ මගෙ හිත ගාව

















අඳුරට තනිය නැති කළ 
නිල් සඳ පාන  
වාගෙයි නුඹේ සිනහව  
මගෙ නෙත ගාව ...

කළුවර නසන්නට 
නැඟ එන ඉරපාන 
වාගෙයි නුඹේ සෙනෙහස 
මගෙ හිත ගාව ...

ඉර හඳ දෙකම 
එක අහසක එක පාර 
පෑයූ වැනියි 
තනිවූ විට නුඹ ගාව  ...

2 comments:

  1. නෙතුද හඬවයි
    ගතද රිදවයි
    සුළඟ පමණයි
    නුබ නැති දාක ..

    ReplyDelete
  2. නැතිදාක නුඹ ගාව
    ගත මෙන්ම සිත
    පෙලන්නට එපා නුඹ
    හිමි නොමැති මතක ලඟ ...

    ReplyDelete