Thursday, May 17, 2012

අසරණ වීමි...



විටක සිත විඩාවෙන්
වෙලෙයි ගත දවාගෙන
සෙනෙහසේ මතක බිඳු
හදවතේ පුරෝගෙන ..


පුර පසක් වැනි වුවන
දුකින් මැලවී තිබෙන
දකින සඳ මේ සිතට
නිනවු නෑ ඉබේටම ...

ආදරේ කල පවින්
නුඹේ සිත මුදෝගෙන
විසිකරන්නට සිතෙයි
අතීතය ඈතකට ..

No comments:

Post a Comment