මට අමතක නැති
ඔබට මතක ඇති
අතීතයක් විනි
සෙනෙහස සිත් රැඳි ..
එදත් අදත් හරි
වෙනස් උනත් අපි
කුලුඳුල් පෙම බැඳි
සිතින් මකනු බැරි ..
විටක සිත විඩාවෙන්
වෙලෙයි ගත දවාගෙන
සෙනෙහසේ මතක බිඳු
හදවතේ පුරෝගෙන ..
පුර පසක් වැනි වුවන
දුකින් මැලවී තිබෙන
දකින සඳ මේ සිතට
නිනවු නෑ ඉබේටම ...
ආදරේ කල පවින්
නුඹේ සිත මුදෝගෙන
විසිකරන්නට සිතෙයි
අතීතය ඈතකට ..